පටිභාණ කවීත්වයෙන් මතුවෙන ශ්‍රී සත්ධර්මය...

කවි කියන්න පුළුවන් වගේම කවි ලියන්න පුළුවන් අයත් ලෝකේ ඕන තරම් ඉන්න පුළුවන්...
කවි සිතින් සිත සිතා පහල කරගෙන සටහන් තබන අයත් මොහොතක් හෝ විරාමයක් ඇතිව හිටිවන කවි පහල වන අයත් ලෙසින් නන් අයුරින් කවි අදහස් ඇතිවන්නුවන් ලෝකය පුරාම සිටිනවා...
ඒත් මේ කියන පටිභාන කවීත්වයේ විශේෂත්වය දැනෙන්න නම් එවැනි පටිභානමය කවීත්වය පැන නඟින තැනක සජීවීව දෙසවන් යොමු කර සිටින විට එය කොතරම් සුවිශේෂීද එය කොතරම් ආශ්චර්යමත්ද කියලා වැටහෙනවා...
මේ කවි කියවන ඔබට සමහර විට ඒවා සිතා සිතා ගෙතූ කවි පෙලක් ලෙසින් බැලූ බැල්මට සිතේවි... එහෙත් ඒ අත්දැකීම් සජීවීව විඳ ඇති මට නම් එවැනි කවීත්වයක් බුදු පියාණන් කල වූවායැයි සැලකෙන ද්‍රෝණ ඝර්ජනාවට දෙවෙනි විය නොහැකි බව ස්ථිරවම කිව හැක...
මන්ද ඒ කවි ගලා එන වේගයත්... ඒවා දිනෙන් දින වෙනස්කම් ඇතිව කියෙවෙන ස්වරූපයත්... ඒවා තුලින් පෙන්වා දෙන ගැඹුරු ධර්මය වැටහෙන පරිද්දෙන් සිත සමාධිගත වන අයුරුත්... ආදී නොයෙක් දෑ සජීවීව අත්දැකපු තවමත් අත්දකින මා හට නම් එය සම්මා සම්බුදු පියාණන් වහන්සේ පවා අනුමත කරන්නට ඇතැයි නුවණින්ම විමසා තීරණයක් ගත හැකි නිවන වෙතම උපකාර වන උතුම් දහම් මඟක්මය...
මේ අත්දැකීම සජීවීව අත්විඳිමින් එහි සුවිශේෂීත්වය තමන්ටම අත්දකින්ට වුවමනා ඇත්තන් සෙනසුරාදා දිනයන්හි උදෑසන 8.30 සිට දහවල් 12.00 වන තෙක් කාලය තුල වහරක අරියචින්තාශ්‍රමයේදී වහරක අභයරතනාලංකාර ස්වාමීන්ද්‍රයන් විසින් පවත්වන පටිභානමය කාව්‍ය මෙත් පූජාවට සහභාගී වෙත්වා!! තිසරණ සරණ ලැබ නිවී සැනසෙත්වා!!

Mar 4, 2013

පටිභාන කාව්‍යමය බුද්ධ පූජාව

වහරක අරියචින්තාශ්‍රම විහාරාධිපති පූජ්‍ය වහරක අභයරතනාලංකාර හිමියන්ගේ පටිභාන කාව්‍යමය බුද්ධ පූජාව එම ස්ථානයට නොගිය අයට දැකගන්නට දුර්ලභ දසුනක්. ඉතින් ඒ සැමට දැකගත හැකි වන අයුරින් සජීවීව පටිගත කරන ලද වීඩියෝ පෙලක් රූප රාමු යොදා වඩාත් අර්ථවත් අයුරින් ඇසුරු කිරිමට අවස්ථාව මෙසේ සලසා දෙමි. නොපහන් වූවන්ගේ පැහැදීම පිණිසත් පහන් වූවන්ගේ වඩා පැහැදීම පිණිසත් මේ උතුම් පූජාවන් හේතුවක්ම වේවා!

May 18, 2011

The new web site "Nirvana Dhamma" - අලුත්ම ධර්ම වෙබ් අඩවිය “නිර්වාණ ධර්ම“


  

 
There are millions of people around the world… A true human being among the crowd is always helping others and to his / her owns self… As a true human being it’s my responsibility to give the best I can share with all of you without considering what your religion, race or status is!

If you think that you should change your religion, race or status to gain the betterment for you then that is where you are mistaken… to realize the eternal reality of this world you only have to think openly… It doesn’t matter and it’s doesn’t affect with your religion, race or status … The ultimate truth is for everyone… the standard rules and regulations which created by the societies are not become a barrier to realize the ultimate truth… and I believe for those who can understand this little important fact is a person who can call as a true human being!

It’s your responsibility to revise each fact wisely and understand them with your level of intelligence and gain the maximum benefit out of this “Nirvana dhamma” web site. “Nirvana” is not a private property or not something which is only for a specific team or race… It’s an ultimate reality which is possible to achieve and possible to realize the eternal bliss… That’s why greatest Samma Sambuddha said “My Dhamma is for the wise ones and not for the foolish ones”! And the wise ones’ religion or race or status or other standards are not a barrier to achieve the “Nirvana – the true happiness”… and that’s again a wise one will understand! So for all the wise ones who spread around the world are welcome to recognize the pure dhamma to achieve pure happiness and may this little effort of mine become a greatest support for all the wise ones to achieve the best! Accept this small but great Gift from mine and it’s all yours now to take the support and bring the betterment for your life!

May your god, your teacher, your religious leader or whoever the highest person you respect in your life give the highest blessings to you, for the best while triple gem bless you to achieve the best!

“Your dhamma magazine… from relativism to absolutism…”

ලෝකයේ මිනිසුන් බොහෝමයක් සිටිනවා... ඒ අතරින් සැබෑ මිනිසා නුවණැතිව තමන්ටත් අනුන්ටත් වඩාත් යහපතක් කරගන්නට පෙළඹෙනවා... ආගම් ජාති කුල මල භේදයක් නැතිව ඇසුරු කොට තම තමන්ට යහපත උදාකරගැනීමට හැකි යමක් ඒ සෑබ මිනිසුන් වෙනුවෙන් පිදීමට හැකි නම් සැබෑ මිනිසෙකු වශයෙන් මට කල හැකි ඉහලම යුතුකමයි!


යහපත ඉටු කරගැනීමට ආගම ජාතිය කුලය වෙනස් කල යුතු යැයි ඔබ සිතනවා නම් වැරදී ඇත්තේ එලෙසින් සිතන ඔබටමය... ලෝකයේ යථාර්ථය දැනගන්නනට නම් විවෘතව සිතා බැලිය යුතුය... සම්මතයේ ආගම ලෙසින් ලබාගෙන ඇති තත්වය, නාමය එයට අදාල වන්නේ නැත... පරම සත්‍ය නම් සියලු සතටම පොදු දෙයකි... එය වටහාගන්නට සම්මතය බලනොපානු ඇත... මේ පුංචි කරුණ වටහාගන්නට තරම් නුවණක් සැබෑ මිනිසුන්ට නම් තිබෙනු ඇත.

ඉතින් ඔබ වෙනුවෙන්ම පිදෙන “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවිය විවෘත මනසකින් යුතුව ඇසුරු කොට සෑම කරුණක්ම නුවණින් විමසා තෝරා බේරාගැනීමට උත්සාහ දැරීම ඔබේ යුතුකමකි. “නිර්වාණය“ යනු බෞද්ධ යැයි සම්මත කරගත් පිරිසකට පමණක් අත්දැකිය හැකි පෞද්ගලික දේපලක් නොවේ... එය නුවණැත්තන්ට අත්දැකිය හැකි අත්දැක සැනසිය හැකි යථාර්ථයකි... එනිසාම සම්මා සම්බුදු පියාණන්වහන්සේලා විසින් “මාගේ ධර්මය ප්‍රඥාවන්තයින්ට මිස අනුවණයන්ට නොවේ“ ලෙසින් පෙන්වා දුන් සේක...! ප්‍රඥාවන්තයාගේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක්දැයි යන්න නිවී සැනසීම පිණිස සැබෑ සතුට අත්දැකීම පිණිස බාධාවක් නොවන්නේමය. එයත් දැනගන්නේ ප්‍රඥාවන්තයෙකුම පමණි! ඉතින් ලොව පුරා විසිරී පැතිරී සිටින ප්‍රඥාවන්තයින් වෙනුවෙන් තම තම නැණ පමණින් විමසා තෝරා බේරාගෙන කරුණු කාරණා වටහාගන්නට උපනිශ්‍රයක්ම ගෙන දෙන “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවිය සතුටු සිතැතිව භාරගෙන ඇසුරු කර නිසි ඵල නෙලාගැනීමට මෙතැන් පටන් සැබෑ මිනිසුන්ට භාරකරමි!

ඔබේ දහමට අනුව ඔබේ විශ්වාසයට අනුව ඔබ පිලිගන්නා ශාස්තෘන්වහන්සේ විසින් ඔබට හොදම දේ ලබනු පිණිස යම් ආශිර්වාදයක් කරන්නේ නම් ඒ ආශිර්වාදයටම එක්ව තිසරණ සරණේ උතුම් ආශිර්වාදය තුලින් ඒ යහපත ලබා ගැනීමට ප්‍රායෝගිකව නුවණ මෙහෙයවා කටයුතු කරගැනීමට ප්‍රඥාවන්ත පින්වත් ඔබ සැමට හැකිවේවා! 
“සාපේක්ෂත්වයෙන් මිදී නිරපේක්ෂත්වය කරා යෑමට උපනිශ්‍රයක් ගෙනෙන ඔබේ ධාර්මික සගරාව...“

Mar 22, 2011

බෙහෙත් පූජා කිරීමට...


01. සම්බුදු රජවරු මුඛ ගුණ සුවඳින
විහිදුනි සදහම් අවු සද සත දැන
එම දම් අවුසද පිව් සත එලෙසින
භව රෝගද දුරු කරවයි නියතින

02. හිත කය වෙත ලෙඩ රෝ දුරු වෙනවා
මෙම භව රෝගය අහල නොවෙනවා
වහ තැන් දුක් නැති නිවන ලැබෙනවා
සදා නිරෝගී බව ලෙස වෙනවා

03. මේ ගුණ දුන් බුදු රජිඳුන් එදිනා 
මහ සඟ පෙළපත අතරින් ඇදුනා
ඒ සදහම් අවු සද දුන් මුනිනා
වඳිමින් අවු සද පුදනෙමි මෙදිනා

04. බුදු රජවරු සඟ පෙළ සමගින්නේ
හද මැදුරට වැඩමුව විලසින්නෙ
සුදු නෙළුමෙන් ආසන සිහි ගන්නේ
පුදමු මෙසේ අවු සද මවමින්නේ

05. සැමගෙම දොහොතට බෙහෙත් මැවේවා
සිතු පැතු ලෙස එම සැම වෙත වේවා
සමැගෙම දොහොතින් මෙලෙස පිදේවා
සාදු කියා පුදනෙමු මෙපිදේවා
සාධු! සාධු!! සාධු!!!

06. සම්බුදු රජවරු සහ සඟ පෙළ දැන
දම් අවුසද දුන් මහ ගුණ සිතමින
මැව් මෙම අවු සද පිදු පින් බලයෙන
සත වෙත පතනෙමු දුක සැම දුරුවන

07. සිතට කයට ලෙඩ රෝග නොවේවා
සැමගෙම භව රෝගයද නැසේවා
සත හට ලෙඩ නැති ගතිය සැදේවා
නිවන ලබා සත රෝග නසාවා
සාධු! සාධු!! සාධු!!!

08. සම්බුදු රජවරු සඟ පෙළ සමගින
පිදුවේ බෙහෙත් මෙලෙසට ගෙන මවමින
ගයමින් මෙම ගාථා හඬ නගමින
මුනිඳුන් සඟ පෙල පුදනෙමු කියමින

අධිවාසේ තුනෝ භන්තේ - භේසජ්ජං පරි කප්පිතං
අනුකම්පං උපාදාය - පතිගන් හාතු මුත්තමං
අධිවාසේ තුනෝ භන්තේ - භේසජ්ජං පරි කප්පිතං
අනුකම්පං උපාදාය - පතිගන් හාතු මුත්තමං
අධිවාසේ තුනෝ භන්තේ - භේසජ්ජං පරි කප්පිතං
අනුකම්පං උපාදාය - පතිගන් හාතු මුත්තමං
 සාධු! සාධු!! සාධු!!!

Jan 31, 2011

බෝ සමිඳුන් පිදූ පිනෙන් සෙත් ලබා ගැනීම

01
බුදු සෙත් බල ලෝකෙට                             මතුවේවා
බෝරජ වරුනට දියෙන්                                 පිදේවා
සැම පූජා බෝ රජිඳුට                                       වේවා
සැම දුකඳුරු දුරුකර සෙත                                වේවා

02
මරසෙන් පරදන්නට බුදු වන                                තැන
රැකවරණය දෙන ලෙස මහ                           බලයෙන
සහජාතව පාරමී දම්                                       බලයෙන
පහල වූ බෝරජ වදිනෙමු                               සැමදෙන

03
බුදු බලයට අනුබලයක්                                     දුන්නා
අපටද එම ආසිරි හිමි                                        වන්නා
තිලොවට ධජයක් ලෙස ලෙල                        දෙන්නා
කොඩි ගෙන ජයසිරි බෝධි                             පුදන්නා

04
මාරක බාධක සැම දුරු                                      වේවා
අපල දෝෂ සහමුල දුරු                                     වේවා
හිතුව පැතුව ජය සැමට                                 ලැබේවා
නිවන දකින තුරු ජය                                 සැලසේවා

05
රවි, සඳු, කුජ, බුධ, ගුරු, සිකුරුද                           යන 
සනිද රාහු කේතුද ලොව                                 පවතින
ග්‍රහ දෝෂ සහ මුල පහකර                             සැමතින
රැකවරණය වේවා බෝ                                බලයෙන

06
අන වින බන්ධන විෂ දුරු                                 වේවා
බුදු බල බෝ බල මහිම                                ලැබේවා
සසර වසන තුරු සැනසුම                                 වේවා
හිතන පතන ජය සැමට                                ලැබේවා

07
වස විස බාධක අතුරු                                  නොවේවා
වෛර ක්‍රෝධ තරහව                                    දුරුවේවා
හතුරු බියක් කිසි විටෙක                             නොවේවා
බුදු බල, බෝ බල, ජය සෙත                               දේවා

08
සමගිය සාමය ලොව රජ                                    වේවා
රජයට කිසි බාධකද                                    නොවේවා
මැති ඇමතිද සැමටද සෙත                                 වේවා
සාම දාන රජයක් බිහි                                         වේවා

09
සතුරු විපත් මුළු රටට                                 නොවේවා
විසගිනි සැඩගිනි අවිද                                      නිවේවා
සාම වදන් ලෝකෙට                                    ජය දේවා
බුදු  බල බෝ බල ජය සෙත                                දේවා

10
වැසි දින නිසි ලෙස කලට                                  වසීවා
වාත වේග නිසි ලෙසට                                     හමාවා
ග්‍රහ තරු නිසි මග නිතර                                     සිටීවා
බුදු බල බෝ බල ජය සෙත                                දේවා

11
කුරිරු රෝග විෂ රෝග                               නොවේවා
දරුණු වසංගත කිසිදු                                   නොවේවා
සුචරිත සංවර ගති රජ                                         වේවා
බුදු බල බෝ බල ජය සෙත                                 දේවා

12
මව්පිය වැඩි හිටි සුචරිත                                     වේවා
දූ දරු පොඩි දරු කීකරු                                     වේවා
බුදු පුත් මහ ථෙර ගුණයට                                    ඒවා
බුදු බල බෝ බල ජය සෙත                                දේවා

13
සක්විති රජයක් ලෙස                                සැකසේවා
සක්පුරයක් ලෙස ජය සෙත                               වේවා
සක්හඩ ලෙස බුදු නද                                  පැතිරේවා
සත්බුදු අනුහසයෙන් සෙත                                වේවා

14
යක් බූ පිසසුන් වින                                 නොකරාවා
දෙව් බඹ ආසිරි නෙතින්                                 බලාවා
හිතු පැතු සම්පත් මෙතින්                            නැගේවා
අටවිසි බුදු බලයෙන්                               සෙත වේවා

15
තිසරණ සරණින් සැම සෙත                              වේවා
තිසරණ සරණින් ගුණ                                සැකසේවා
තිසරණ සරණින් සුවපත්                                   වේවා
තිසරණ සරණින් නිවන්                                    දකීවා

සාධු! සාධූ!! සාධූ!!!



Jan 24, 2011

විදර්ශනා භාවනා කවි පූජාවක්...

01
මල ගැන බලා ජීවිත තතු දකින                               විට
සිහි කල යුතුයි එහි ලක්ෂණ සුවඳ                            වට
කොහි සිට ගෙනාවද ලක්ෂණ මලෙහි                     පිට
කැකුලේ නොමැත තිබුනේ පසු         ගමන            කට

02
ආ තැන නොමැත නැත මල පසු පස                යන්නේ
සුපිපුන කලට පමණයි හැඩ එහි                       වන්නේ
සුවඳද නොමැත පරවන පසුපස                        යන්නේ
උපතත් මරණයත් පිපි මලෙහිම                       වන්නෙ

03
කැකුලෙහි නොමැත ලස්සන එම මලෙහි              වෙත
හේතුවෙ ඵලය ලෙස පිපි විට පහල                      වෙත 
නොනැසෙන හේතුවක් කිසිවක උරුම                 නැත 
හේතුවේ ඵලය ලෙස සැම දෙය පෙනෙනු              ඇත

04
ලෝකය ලස්සනයි සුවඳයි                            කියන්නේ
රස පහසයි කියමින් එහි                             ඇලෙන්නේ
හේතුව නැගී ගඟ දිය ලෙස                         ඇදෙන්නේ
පරඩැල් විලසමයි ඇදි ඇදි                          ගිලෙන්නේ

05
ලෝකෙන් මතුව ලෝ කුහරෙම                  පස්වෙනවා
අතරේ විපරිනාමය ලොව දිස්                           වෙනවා
මේවා තිර දෙයයි ලෝ සත                         රැවටෙනවා
අල්ලා ගන්නට ගොස් දුක්කඳ                         විදවනවා

06
නිසරුව වෙනස බුදු මඟ යන අයට                     පෙනේ
අල්ලන දෙයක් නැති බව නුවණැසට                   දැනේ
අතහැර දමන විට නිදහස් සුවය                         ගෙනේ
නිවනින් මෙපිට හිත නැති තැන මුනිඳු               පෙනේ

07
රූපෙන් නොවෙයි දැන් මුනිරජ                     දකින්නේ
නුවණින් මුහුකුරා මහ පැණ                       වැඩෙන්නේ
අතහැර නිවුන විට භව මග                        නොවන්නේ
මග දුන් බුදු පියා නුවණයි                        පෙනෙන්නේ

08
මේ බුදු මගින් සත දුක් ගිනි                                නිවාවා
බව දුක් දුරැර සැනසුම මග                                   දකීවා
විදසුන් නුවණ සැම හදකම                             නැගේවා
නිවනට උප නිසය පිදුමෙන්                            ලැබේවා
  පූජේමි බුද්ධං කුසුමේන නේන
පුඤ්ඤෙන මෙතෙන ලබාමි මොක්ඛං
පුප්ඵං මිලායාති යථා ඉධංමෙ
කායො තථා යාති විනාස භාවං

පූජේමි බුද්ධං කුසුමේන නේන
පුඤ්ඤෙන මෙතෙන ලබාමි මොක්ඛං
පුප්ඵං මිලායාති යථා ඉධංමෙ
කායො තථා යාති විනාස භාවං

පූජේමි බුද්ධං කුසුමේන නේන
පුඤ්ඤෙන මෙතෙන ලබාමි මොක්ඛං
පුප්ඵං මිලායාති යථා ඉධංමෙ
කායො තථා යාති විනාස භාවං

 පූජේමි බුද්ධං කුසුම මාලානි මේන
පුඤ්ඤෙන මෙතෙන ලබාම මොක්ඛං
පුප්ඵං මිලායාති යථා ඉදංමේ
කායෝ තථා යාති විනාස භාවං
සාධු! සාධු!! සාධු!!

Dec 30, 2010

පහන් පූජා කිරීමේ විදර්ශනා භාවනා කවි...

01)
සීල සමාධී උපමා                                            කෙරුවා
මල්ද සුවඳ ගෙන එලෙසට                                   පිදුවා
පහන් පුදන උපමා හද                                        දැරුවා
හේතු ඵලය දකිනෙමු නැණ                                 අරවා

02)
තෙල සහ වැටියද සුලඟද                                  කියනා
සම ලෙස ඇති තුරු දැල්ලක්                            නැඟුනා
ජීවිත දැල්ලද මෙලෙසම                                    සැදුනා
උපමා සිහි කරනෙමි ගෙන                                 පහනා

03)
කරුම බලය තෙල් වලිස                             නැගෙනවා
කරජ කයද එහි වැටිසේ                              පෙනෙනවා
කයට අහර සුළඟක් සේ                                ඇදෙනවා
ජීවිත දැල්ලක් එවිට                                   පෙනෙනවා

04)
තෙල් නැති කල එම පහන                            නිවෙනවා
කරුම බලය නැති දිවිද                                නැසෙනවා
තිරය නැතොත් එහි පහන                             නිවෙනවා
කය ලෙඩ වුවහොත් දිවිද                            නැසෙනවා

05)
සුළඟ සරණ ලෙස දැල්ල                            නැවෙනවා
අහර හිඟය මත කයද                                  සැලෙනවා
සුඟඝ නැතොත් එම දැල්ල                            නිවෙනවා
අහර නැතොත් එම දිවිය                             නැසෙනවා

06)
හේතු නිසයි දැල්ලක්                                  පවතින්නේ
හේතු නිසයි දිවියක්                                    පවතින්නේ
හේතු නැසෙන තැන දැල්ල                       නැසෙන්නේ
හේතු නැසෙන විට දිවිය                           නැසෙන්නේ

07)
හේතුවේ ඵලයට ජීවිත                                          කීවා
අනියතමයි ජීවිත සැම                                           ඒවා
විපරිනාම බව සැමටම                                           වූවා
නිසරුව දැක සත නිවන                                      දකීවා

ඝණසාරප්ප දිත්තේන
දීපෙන තම ධං සිනා
තිලෝක දීපං සම්බුද්ධං
පූජයාමී තමෝනුදං

ඝණසාරප්ප දිත්තේන
දීපෙන තම ධං සිනා
තිලෝක දීපං සම්බුද්ධං
පූජයාමී තමෝනුදං

ඝණසාරප්ප දිත්තේන
දීපෙන තම ධං සිනා
තිලෝක දීපං සම්බුද්ධං
පූජයාමී තමෝනුදං
 සාධු! සාධු!! සාධු!!!

Dec 22, 2010

අම්මාගේ උපන්දිනයදා... මා පිදූ උපහාර...


අම්මේ මෙසසර කතරේ මම දුක            දුටි මි
ඒ දුක් නසන්නට මුලු වැර දැන්          යොද මි
අම බුදු මෑණියන් දුන් මග ලැබ            ගති  මි
කතරක අතරමං වී නැති බව                දනි  මි

ඔවදන් දෙමින් ලොව ජය ගැනුමට අත          දුන් නේ
ඔබේ ආසිරි සිතයි මට නිති සවි                   දෙන් නේ
ඒ යුතුකම් හැඳින නිසි කල ඉටු               කරමින් නේ
හැකි උපරිම වෙර යොදමි ඔබ නිති         සනසන් නේ

කෙලවර නොමැති සසරක අප දැන           හැඳින  ඇත
නන් රූ මවාගෙන නිති අප                          හමුව  ඇත
සසරේ පුරුදු සෙනහස කිසි අඩුවක්              නො  මැත
මවකට දුවක් ලෙස ඔබ මා                          හමුව  ඇත

දරුවන් නිති පුදයි මව් පිය දෙපල                          සදා
ලෝකෙම තියෙන සැප දෙන්නෙමි ලෙසින්           හදා
අත්බැව් හතක් කරමත මේ ලෙසින්                       බදා
යුතුකම් කලත් නොගෙවෙයි ණය මෙලෙස           පුදා

බුදු හිමි දෙසූ දම් නම් බෝ අරුත්                 ඇත
මවකට සුදුසු උපහාරය පෙන්වා                  ඇත
ලෝකෙම පුදනටැයි ඔවදන් කිසිත්             නැත
සුදුසුම මඟ දීම සුදුසුයි දුක්                  නො මැත

ඒ මඟ දැක දැකත් නුවණින්                    හැමදා ම
කෙලෙසින් ඔබට මම දෙන්නද දුක            බෝ ම
ඔබ තුටු කලත් මොහොතක් ඒ              සැප කා ම
එය දුක් දෙන බව දනිමි සසරේ                හැමදා ම
 
අඹු සැමි දරුවන් බෝම නෑ සිය                 මිතු රන්
වටකොට රකින ලෝකය සේ මුතු            මිණි රන්
කෙලෙසින් අතහරින්ද මම මේ           ලෝකය රන්
දරුවෝ මට නිවන බෝ දුර බව                දැන ගන්

නිති එලෙසින් බස් දොඩා මඟ හැරගෙන            සුව දම්
අම්මේ ඔබ පතන ලෝකය නැත                      සුව නම්
යම් දින දහම් ඇස ඔබ ලබනේ                         වේ නම්
දැක ගත හැකිවේවි නිසි තතු ලෝ                     මන රම්

ලෝකය දුකයි ගිනි වේ සැම අප දැවෙනුය             කීවත්
සහනය නොමැත අසහනයම වේ                           කීවත්
නිවනම සුවයි ඒ සුව විඳපන්                                  කීවත්
කෙලෙසද අතහරින්නේ කම් සැප කව්රුන්            කීවත්

අම්මේ අනේ මේ ලෙස නම්                  නොසිතන් න
පස්කම් සැපය මර උඟුලකි                        දැනගන් න
දුන්නත් සුවය මොහොතකි අප                    රවටන් න
රැවෙටෙනු එපා සසරේ දුක                        දැකගන් න

ඔබේ දියණිය ලෙසින් ඔබ වෙත                පුද දෙන් න
නැත ලෝ දහම ඔබ හට තව                     දුක් දෙන් න
ලෝ තතු දත් නිසාවට දම් දැක                   නුවණින් න
පවසමි ලෝ දුකෙන් මිදෙනට                  මඟ පාදන් න

ලස්සන මධුර දේ මොහොතක                 සුව දෙන් නේ
මේ කියමන නිතර අප සවනට                යොමුවන් නේ
අර්ථය දැනගැන්ම නිසි                           මඟ පාදන් නේ
නුවණින් එයම විමසනු මැන                  සැනසෙන් නේ

මමයැයි මගේයැයි කියමින් වටිනාකම්                            දීම ට
නිතරම සොයන්නේ වටිනා දේ නොවැ ගොඩ             වැඩුම ට
වැඩි වෙන විටදි වටිනාකම් වඩමින් ගොඩ                   අප හ ට
සතුටින් පිරී යයි අප සිත නැත දුක                               අප හ ට

වටිනාකම් දුන්න මම මගේ සියලු                               දෙ නා
රැකගනු නොහැකි වූවෙන් ඒ වටින                               ද නා
මගෙ යැයි මැනගත්ත වස්තුත් නිති                        කැඩෙ නා
දුකෙහිම ගිලී පීනයි තතු                                  නොදැන ද නා

ගිලිහී යන විටදි වටිනා දේ                               අපගෙ න්
ගිලිහී යෑම වේ සහනය ඒ                                   සමඟි න්
අසහනය දවටාගෙන අප සැම                            අතකි න්
සහනය සොයයි කරනට බැරි දේ                        කරමි න්

මම මගේ කරගත්ත වස්තුව සැම                         විමසන් නේ
ඒවායේ සැබෑ තතු නුවණින්                               දැකගන් නේ
වස්තුවේ සැබෑ වටිනාකම                                  දැනගන් නේ
මෝඩයෝ ලෙසින් කලකම් සැම                       දැකගන් නේ

කැඩෙන දේ කැඩී කඩමින්                                වියැකෙන වා
බිඳෙන දේ බිඳී බිඳමින්                                           බිඳලන වා
හටගත් සියලු දේ වැනසී                                    නැතිවෙන වා
මේ දම් නොදැක ඒ ඇසුරේ                                 වියැකෙන වා

කැඩෙන දේ කැඩෙන එක ලෝ දහමයි                            හැඳි න
බිඳෙන දේ බිඳෙන එක වලකනු බැරි බව                          හැඳි න
කැඩෙන බිඳෙන වැනසෙන දේ මගේ යැයි                  නොගෙ න
සිටියොත් නියම තතු දැන දුක නොම එයි                    දැනගන් න

වටිනාකම් දෙමින් මම මගේ ලෙස                         මැනගන් න
අපේ මනසමයි මුල්වුනේ අනෙකෙකු නොව           දැනගන් න
මායා මුලාවක මෙලෙසින් අප                                   රඳවන් න
මර උඟුලට බැන්ද පෙම දැනගෙන                        ගැලවෙන් න

බෝ කවි ලියා ඔබ වෙහෙසට නොම පත්                        කර මි
හැකි ලෙස නිසි තතු මෙලෙස සටහන්                             තබ මි
සැනසුම ලබන්නට නම් එක මඟයි                                     හි මි
ඒ මඟ දෙසන්නට මම නිති සැරසී                                    සිටි මි

අම්මේ ඔබට දෙන මේ දම්                                           උපහා ර
ඔබ තුටු කරන්නෙම්දැයි නොදනිමි                                මෙව ර
ලෝ තතු දැනගත් නිසා දහමින් ලැබ                            නිසි පාර
අන් කිසි නිසි දෙයක් නැත දුටුවෙන්                        සේනා මා ර

ඔබ මට පිදු නිසා ලෝ මඟ යහපත්                                  දේම
මම ඔබහට පුදමි විශ්වයේ යහපත්                                  දේම
ඔබ පිදු ඔවා මා නිති පිලිගත්                                          සේම
පිලිගනු මැන මෙදම් උපහාරය                                        සෑම

ඔබෙ දුක් ගිනි කතරට වසිනා අම වැහි පොදක්                වෙලා
අම්මේ ඔබව මුදවන අරි මඟක්                                       වෙලා
ඔබ මඟ වඩින්නම් නිවනට නැත මා පමා                        වෙලා
කහවත නොදැරුවත් නිසි දම් නොම අඩුවක්                     වීලා

මතු මතු භවයේ ඔබ මගේ මව ලෙස                                    වේවා
මා ඔබේ දියණිය ලෙසින් අප නිති හමු                                 වේවා
එලෙසට දිගු සසර දෙන අනුවණ පැතුමන් තව නොම             වේවා!
නුවණින් යථා මඟ දැන දුක කෙලවර                                  වේවා!

මොහොතක් දුක ඔබට ලැබුණත් ඒ                      පැතුමෙ   න්
අම්මේ නුවණ වෙහෙසා විමසන්                             සතුටෙ න්
අනිසි දේ ඇසුරු කොට ලබනා දුක                       මෙලෙසි න්
හරයක් නැතේ අනාථ බව බෝ                             නිසැකෙ න්

අම්මේ ඔබට අනාථ බව නොම                            වේ වා!
රැවටුනු සිතට ලෝ නිසි තතු                          වැටහේ වා!
නුනුවණ කම මකා නුවණින්                         ජය වේ වා!
කම් සැප කුමට අම නිවනක                         සැප වේ වා!
උතුම් වූ ශාන්ත වූ ප්‍රණීත වූ අමා මහ නිවන් සුවය බෝ දුර නොවේවා!
තිසරණ සරණ ලැබ නිවනින්ම සුවපත් වේවා!
දියණිය රජිතා!